Hit character එකක් වෙන්න මූණයි ඇඟයි විතරක් නෙමෙයි හදවතත් ලස්සන වෙන්න ඕනේ. – ටීනා ෂනෙල් ප්‍රනාන්දු

April 18, 2017 | 5:00 pm    0   615

Hit character එකක් වෙන්න මූණයි ඇඟයි විතරක් නෙමෙයි හදවතත් ලස්සන වෙන්න ඕනේ. – ටීනා ෂනෙල් ප්‍රනාන්දු

 

මේ ළඟදී ටීනාට කිරුළක් ලැබුණා. ඒ උණුසුම තාමත් තියෙනවා නේද?
ඇත්තටම ඔව්. ලංකාවේ හොඳම pageant එක Ceylon Majestic Pageant එක. එකේ අවසන් තරගකාරීනියන් 30 අතරින් පළමු ස්ථානය මට ලැබුණා. ගොඩක් ලොකු කැප කිරීමක් කරලා උත්සාහයෙන් මම ලබාගත් ජයග්‍රහණයක්. ලොකු සතුටක් තියෙනවා ඒ ගැන.

මේ දවස්වල කලා ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු කොහොමද?
කලා ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු එක්ක මේ දවස්වල මම ටිකක් කාර්යබහුලයි. මගේ පළමු සිනමා නිර්මාණයේ ප්‍රචාරක පටය මේ දිනවල release වුණා. අධ්‍යක්‍ෂ ණය කළේ ප්‍රියන්ත කොළඹගේ. මේ අවුරුද්දේ එය තිරගත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මම මගේ ප්‍රේක්‍ෂකයන්ට ආරාධනා කරනවා ඇවිත් චිත්‍රපටය නරඹන්න කියලා.

දැන් ලංකාවේ සිටින කාර්යබහුලම නිරූපණ ශිල්පිනිය ඔබ ද?
මම කාර්යබහුලයි. නමුත් ඉන්න කාර්යබහුලම නිරූපණ ශිල්පිනියද කියන්න නම් දන්නේ නෑ. හැමදාම මම වැඩ කරනවා. ක්‍ෂේත්‍රයේ බොහෝදෙනා හිටියත් ගොඩක් අය මාව වැඩවලට සම්බන්ධ කරගන්නවා. ඒ ගැන සතුටුයි මට.

Field එකේ දිගටම hit character එකක් වෙලා ඉන්න මොකද කරන්නේ?
Hit character එකක් ආයාසයෙන් වෙන්න බෑ. උපතින්ම එන්න ඕනේ බාහිර ලස්සන වගේ දේවලුත් තියෙනවා. ඒ වගේම හිතත් ලස්සන වෙන්න ඕනේ. නිහතමානී නිරහංකාර චරිතයක් වෙන්න ඕනේ. මම හැමෝමත් එක්ක කතා කරලා ඉන්න ඕනේ කෙනෙක්ට උදව්වක් කරන අසාධාරණය පෙන්නන්න බැරි කෙනෙක්. ඒ නිසා මිනිස්සු මට ආදරෙයි.

Gossip ගැන ටීනාට මොකද කියන්න තියෙන්නේ?
ඇත්තටම ඒ ගැන ලොකු දුකක් සහ කලකිරීමක් තියෙනවා. මොකද ඒ දේවල් කරන්නේ මාත් එක්කම ක්‍ෂේත්‍රයේ ඉන්න අනිත් මිනිස්සු. සමාජ මාධ්‍ය ජාලා හරහා විශේෂයෙන් facebook හරහා gossip sites වල කටකතා පැතිරෙනවා වැඩියෙන්. ඒ වගේම ව්‍යාජ ෆේස්බුක් ගිණුම්වලින් මම වගේ chat කරලා තියෙනවා මගේ චරිතය ඝාතනය වෙන විදිහට. මම මේක විශේෂයෙන් මගේ ප්‍රේක්‍ෂකයන්ව ඒ ගැන දැනුවත් කරන්න අවස්ථාවක් කරගන්නවා ක්‍ෂේත්‍රයේ කුහක කටකතාවලට, බොරු කටකතාවලට රැවටෙන්න එපා කියන්න. ඒ වගේම ඒ වගේ දෙයක් වුණොත් මාව දැනුවත් කරන්න. මොකද මගේ අතින් කොහෙත්ම වැරදි දෙයක් වෙන්නේ නෑ. මම දන්නවා පල ඇති ගහට තමයි වැඩියෙන් ගල් ගහන්නේ කියලා.

රූප රචනයෙන් දායක වුණු ගීතවලින් වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ මොන ගීතයට ද?
වැඩිපුර ප්‍රතිචාර ලැබුණු ගීත අතරින් ශිහාන් මිහිරංගගේ ගීතයට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. මෑත කාලයේ ගීත අතර සනුකගේ ‘සරාගයේ’ ගීතයට වැඩිපුරම ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ‘ටීනා’ කියන චරිතය හැමෝටම කා වැදුණා වගේම මගේ රංගන දක්‍ෂතාව හැමෝම අගය කළා.

අඩනිරුවත් රංගනවලට එල්ලවෙන විවේචන දරාගන්න කොයිවගේ ශක්තියක්, හැකියාවක් නිරූපණ ශිල්පිනියක්ට තියෙන්න ඕනේද?
ලංකාව වගේ පටු මානසිකත්වයක් තියන මිනිස්සු ඉන්න රටක ඒ වගේ දේවල් හරි අරුම පුදුම දේවල්. සිපගන්න දර්ශනයක් පවා හරිම කැත විදිහට විවේචනය කරන මිනිස්සු ඉන්නවා. කලා නිර්මාණයක රසය, art එක විඳින්නේ නැතුව පුංචි දර්ශනයක් දැක්ක ගමන් ඒක ලොකු කරන් දඟලන පහත් මානසිකත්වයක මිනිස්සු ඉන්නේ. මට පෞද්ගලිකව ශක්තියක් තියෙනවා ඒ දේවල් දරාගන්න. මොකද දර්ශනවලට, පිටපතට අදාලවයි ඒ දේ කරන්නේ. අධ්‍යක්‍ෂවරයාගේ ඇස සහ කලාත්මක නිරූපණයට අදාළවයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. ඒක සීමා මායිම් ඇතුවයි අපි කරන්නේ.

Field එකට ඇවිල්ලා කොච්චර කල්ද?
Field එකට ඇවිත් දැන් අවුරුදු 4ක් 5ක් විතර වෙනවා.

ආපු ගමන්මඟ ගැන තෘප්තිමත්ද?
ඇත්තටම ඔව්. සෑහෙන්න කැපවීම් කරලා තියෙනවා, කටුකාලා තියෙනවා, ඒත් අද මම මේ ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි. ඒ නිසා මම මේ ඉන්න තැන ගැන පෞද්ගලිකව තෘප්තිමත් වගේම ඉස්සරහටත් මම මගේ targerts දිගටම යනවා.

ටීනා අලුතෙන් field එකට එන්න ඉන්න අයට මොනාද කියන්න තියෙන්නේ?
අලුත් අයට කියන්න තියෙන්නේ හරියට කැපවෙලා කරනදේ කරන්න. මිනිස්සුන්ට ගරු කරන්න. ලොකුකං ඔළුවට ගන්න එපා. කරන වැඩේ හරියටම කරන්න කියලා තමයි. හැමදාම අපි වුණත් එක වගේ ඉන්නේ නෑ. ස්වරූපය වෙනස් වෙනවා. ඒ නිසා අලුත් අය එන්න ඕනේ. ගොඩක් වැඩ කරන්න ඕනේ. ඊර්ෂ්‍යාව, කුහකකම් නැතුව ක්‍ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න මම එයාලට සුබපතනවා. ඒ වගේම අලුතෙන් එන්න ඉන්න අයට මම ඕනෙම උදව්වක් කරන්න සූදානම්.

නිර්මාණි බණ්ඩාරනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: