IPL විකාශන අයිතිය කෝටි ගණනින් අලෙවි වූ හැටි මෙන්න

September 6, 2017 | 4:26 pm    0   185

IPL විකාශන අයිතිය කෝටි ගණනින් අලෙවි වූ හැටි මෙන්න

මුදල් මත යැපෙන නූතන ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රභල ලෙස හේතු සාධකයක් වුයේ ඉන්දියාවේ පවත්වනු ලබන IPL තරගාවලියයි. මෙම තරගාවලිය නිසා ව්‍යාපාරිකයන් මෙන්ම ක්‍රීඩකයන් ද බිලියනපතියන් බවට පත්විය. තවද  අති විශාල මුදල් සම්භාර‍යකට තරග පවාදීම පවා ඇතැම් ක්‍රීඩකයන්ට හුරු කළ ප්‍රධානතම තරගාවලියක් ලෙසද IPL  තරගාවලිය හැඳින්විය හැකිය.

මේ සියල්ලම සිදුවන IPL නොහොත් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ රුපවාහිනි විකාශන අයිතිය ලබා දීමේ ටෙන්ඩර් කැදවීම පසුගිය දා සිදු විය.
ලොව පුරා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේතයේ දැවැන්තයන් සියල්ල ඩොලර් බිලියන ගණනින් මුදල් හුවමාරු වන මහා ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය ලබා ගැනීම සදහා සිය ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුනා.

නමුත් ඒ සියලු මාධ්‍ය දැවැන්තයන් පරදා IPL තරඟාවලිය සඳහා 2018 සිට 2022 දක්වා පුරා වසර 5ක කාලයක් විකාශණ අයිතිය හිමිකරගැනීමට Star India සමාගම සමත්ව තිබෙනවා.

ඒ සඳහා ඔවුන් තබා ඇති ලන්සුව ඉන්දීය රුපියල් කෝටි 16347.5ක අති විශාල මුදල් සම්භාරයක්. මෙය ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක වටිනාකමක්. ඔවුන් සමඟින් විකාශන අයිතිය ලබාගැනීමට තවත් මාධ්‍ය ආයතන රැසක් තරඟ කරනු ලැබුවා. ඒ අනුව Sony සමාගම මේ සඳහා ඉදිරිපත් කර තිබූ ලන්සුව වූයේ ඉන්දීය රුපියල් කෝටි 11,131ක්.

මේ අනුව IPL තරගාවලිය විකාශන අයිතිය විකුනා පමණක් ඉපැයූ මුදල කෝටි 16347.5ක්.
කෙසේ වෙතත් මෙවැනි අතිවිශාල මුදල් සම්භාරයකට හිමිකම් කියනා IPL තරඟාවලියෙන් ක්‍රිඩකයන් මුදල් වලට හුරුකර , රට වෙනුවෙන් පවතිනා දේශප්‍රේමය විනාශ කරන බවට ඇතැම් ක්‍රීඩා විචාරකයන් අදහස් දක්වා තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: