JPL ජ’පුර සරසවියේදී

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන ජ’පුර ප්‍රීමියර් ලීග් (JPL)  සය සාමාජික සැහැල්ලුපන්දු ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 07 සහ 08 දෙදින තුළ  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලිය අන්තර් විශ්වවිද්‍යාලයීය විවෘත ක්‍රිකට් තරගාවලියක් වශයෙන් පැවැත්වේ.

තරගාවලියේ ශුරතාව දිනාගන්නා කණ්ඩායමට ශුරතා කුසලානය සමගින් මුදලින් රුපියල් 50,000ක් ද, අනුශුරතාව දිනාගන්නා කණ්ඩායමට අනුශුරතා කුසලානය සමගින් මුදලින් රුපියල් 25,000ක් ද පිරිනැමේ. මිට අමතරව දක්ෂතම පන්දු යවන්නා, දක්ෂතම පිතිකරුවා, අවසන් තරගයේ වීරයාට මෙන්ම තරගාවලියේ වීරයාට ද සම්මාන පිරිනමනු ලැබේ.

තරගාවලියට ලියාපදිංචි ගාස්තුව රුපියල් 2000ක් වන අතර සියලුම කණ්ඩායම් අගෝස්තු 7 වැනි දින පෙරවරු 9.00 පෙර ක්‍රීඩාංගණයට පැමණිය යුතුය. මේ පිළිබඳව 070 2471328 හා 071 8552079 දුරකථන අංක වලින් විමසීම් සිදුකල හැකිය.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =