MAS වෙළෙඳසේවා සත් සාමාජික රග්බි ශුරතාවය දිනයි

July 24, 2017 | 4:09 pm    0   120

MAS වෙළෙඳසේවා සත් සාමාජික රග්බි ශුරතාවය දිනයි

47 වැනි වරට පැවති වෙළෙඳසේවා සත් සාමාජික රග්බි ශුරතාවය දිනාගැනීමට MAS holdings ආයතනය සමත්විය. ඒ අවසන් මහා තරගයේදී Access Group කණ්ඩායම ලකුණු 19-14 ක් ලෙස පරාජයට පත් කරමිනි.

ඉතා තියුණු මුහුණුවරක් ගත අවසන් මහා තරගයේ නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම් දෙකම ලකුණු 14 බැගින් ලබාගෙන සම තත්වයේ පසුවිය. ඉන්පසු ලබාදුන් අතිරේක කාලයේ දෙවන අර්ධයේදී සිය ජයග්‍රහණය තහවුරු කරගැනීමට  MAS holdings කණ්ඩායම සමත්විය.

පලඟ ශූරතාවය සඳහා පැවති අවසන් මහා තරගයේ දී ‘CDB A’ කණ්ඩායම ලකුණු 12-07ක් ලෙස පරාජයට පත්කරමින් ශූරතාවය දිනා ගන්නට ‘Kanrich Finance’ කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලිය සඳහා ප්‍රථම වරට ක්‍රීඩා කළ ‘Clovetel’ කණ්ඩායම ලකුණු 21-14ක් ලෙස පරාජයට පත්කරමින් බඳුන ශූරතාවය ජයග්‍රහණය කරන්නට ‘Classic Travel’ කණ්ඩායම සමත් විය.

පළිහ ශූරතාවය සඳහා පැවති අවසන් මහා තරගයේ දී තවත් ප්‍රථම වරට ක්‍රීඩා කළ කණ්ඩායමක් වූ ‘Fairfirst Insurance’ කණ්ඩායම ලකුණු 20-14ක් ලෙස පරාජයට පත්කළ ‘CDB B’ කණ්ඩායම එහි දී ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

අවසන් දිනයේ තරග වල ප්‍රතිඵල

MATCH TEAM 01 SCORE SCORE TEAM 02
Shield QF 01 Janashakthi 35 10 HSBC
Shield QF 02 NTB 24 17 AMW ‘B’
Shield QF 03 CDB ‘B’ 15 12 Ceylon Knit Trend
Shield QF 04 Ceylon Tobacco 07 26 Fairfirst Insurance
Bowl QF 01 Clovetel 24 00 Sri lanka insurance
Bowl QF 02 Classic Travel 19 12 Hela Clothing
Bowl QF 03 Kandurata Umbrella 24 17 Brandix
Bowl QF 04 Prosperous Capital 19 14 SAMPATH BANK
Shield SF 01 Janashakthi 21 36 CDB ‘B’
Shield SF 02 NTB 21 24 Fairfirst Insurance
Bowl SF 01 Clovetel 15 05 Kandurata Umbrella
Bowl SF 02 Classic Travel 24 17 Prosperous Capital
Plate SF 01 Kanrich Finance Walk over
Plate SF 02 AMW ‘A’ 12 22 CDB ‘A’
Cup SF 01 Access 20 10 John Keells
Cup SF 02 MAS 14 10 Dialog
Shield Final CDB ‘B’ 20 14 Fairfirst Insurance
Ladies Final CDB 25 00 Ceylon Tobacco
Bowl Final Clovetel 14 21 Classic Travel
Plate Final Kanrich Finance 12 07 CDB ‘A’
Cup Final Access 14 19 MAS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: