Nokia 3310 යළි කරළියට

February 15, 2017 | 1:23 pm    0   429

Nokia 3310 යළි කරළියට

ස්මාර්ට්ෆෝන් යුගයට පෙර ජංගම දුරකතන භාවිතා කරන්නන් අතර අතිජනප්‍රිය වූ Nokia 3310 ජංගම දුරකතනh බොහෝ අයට තවමත් මතක තිබෙනු ඇත.

ශක්තිමත් බව හා දිගු බැටරි කාලයක් ඇති මෙම ජංගම දුරකතනය මුලින් එළිදැක්වූයේ වසර 2000 දී ය.

දාහත් වසරකට පසුව, යළිත් මෙම ජංගම දුරකතනය එළිදැක්වීමට ෆින්ලන්තයේ නොකියා සමාගම සැරෙසනෙ බව වාර්තා වේ.

VentureBeat නම් වෙබ් අඩවියට අනුව මෙම මාසයේ 26දා බාසිලෝනා නගරයේදී පැවැත්වීමට නියමිත මොබයිල් ලෝක සමුළුවේදී මෙම ජංගම දුරකතනය යළිත් එළිදැක්වීමට නියමිතය. ඒ, යූරෝ 59ක මිලකටය.

Nokia 3310 ජංගම දුරකතනයට අමතරය Nokia 3,5 හා 6 යන ස්මාර්ට්ෆෝන්ද මෙහිදී යළිත් එළිදැක්වෙනු ඇතිබව එහි වැඩිදුරටත් දැක්වේ.

(ශ‍්‍රී ලංකා මිරර්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: