PDF වයිරස්වලින් පරෙස්සම් වන්න!

April 25, 2017 | 11:00 am    0   180

PDF වයිරස්වලින් පරෙස්සම් වන්න!

 

මේ දිනවල හිතවතුන් කීප දෙනෙකුටම Apple, Google සහ Amazon වැනි ආයතනවලින් එනවා සේ පෙනෙන (ව්‍යාජ) ඊ-මේල් පණිවුඩ ලැබී තිබෙනවා. මේවායේ පොදු ලක්ෂණ වන්නේ,

1. විශාල මුදලක ගනුදෙනුවක් ඔබේ ක්‍රෙඩිට් කාඩ්පතකින් සිදුවූවා යැයි පැවසීම, සහ,
2. එය අවලංගු කරන්න නම්, අර ලිපියේ ඇමුණුමක් (attachment) ලෙස ඇති PDF ගොනුවක් විවෘත කර එහි උපදෙස් පිළිපදින්න යැයි ඉල්ලා සිටීමයි.

ඇමසෝන් හෝ ගූගල් වැනි කිසිදු ආයතනයක් සමග කළ මුදල් ගනුදෙනුවක් අවලංගු කරන්න නම් ඔවුන්ගේ සයිට් එකටම ගොස් එසේ කරනවා මිසක, ඔවුන් කවදාවත් මුදල් ගනුදෙනුවක් අවලංගු කරන්න PDF ගොනුවල උපදෙස් එවන්නේ නැහැ. එමනිසා බැලූ බැල්මටම මෙවැනි ලිපියක අරමුණ, ඔබ ලවා අර PDF ගොණුව විවෘත කරවාගැනීම බව ඉතාම පැහැදිලියි. PDF ගොනු තුළ JavaScript ලෙස හැඳින්වෙන පරිගණක වැඩසටහන් ඔබ්බවා තැබීමේ හැකියාව අවභාවිත කරමින් වයිරස ප්‍රචාරණය කිරීමේ එක ආකාරයක් තමයි මෙවැනි ඊ-මේල්.

මෙවැනි පණිවුඩයක් ලැබුණොත්, කිසිවිටෙක එවැනි සැකසහිත PDF ගොනු විවෘත කරන්න යන්න එපා. සැකසහිත PDF ගොනුවක් නම්, විවෘත නොකරත් බැරිනම්, කළ හැකි සරලම සහ පහසුම දේ තමයි, Google Drive එකට අප්ලෝඩ් කර, එතැනින් විවෘත කිරීමයි. එවිට එම PDF එක විවෘත වන්නේ Google Drive එකේ මිස ඔබේ පරිගණකයේ නොවන බැවින් ඔබේ තොරතුරු සොරාගැනීමට ඉඩක් නැහැ.

Chameera Jeewantha Dedduwage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: