VBK ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් දේශපාලනයට

October 6, 2016 | 12:17 pm    0   1192

VBK  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් දේශපාලනයට

චමෝදි කලුආරච්චි

විමුක්ති කුමාරතුංග ළඟදීම දවසක SLFP එකෙන් Political Stage එකට නඟිනවලු. විශ්වාසවන්ත ආරංචි මාර්ගයක් ඇපල් අපිට කිව්ව විදියට වැඩි කාලයක් යන්න කලින් ” VBK ” ලංකාවේ පදිංචියටම එනවා. මේ දවස්වල SLFP එකේ තියන vaccum එක fill කරන්න අනිවාර්යයි.

VBK Politics වලට ගේන්නම කියලා බණ්ඩාරනායක හිතවාදීන් (CBK )ගෙන් එක පොරේට request කරනවලු. විශේෂයෙන් VBK බණ්ඩාරනායක උරුමය කොහොමටත් තියන නිසා මේ අය මේ විදියේ decision එකක් අරන් තියෙන්නේ. කොහොමටත් සීයයි ආච්චි වගේම අම්මා තාත්තත් politics කරපු නිසා විමුක්තිට politics කොහොමටත් උරුමයි කියලයි මේ අය කියන්නේ.

මේ වනකොට එංගලන්තයේ පශුවෛද්‍ය විශේෂඥයෙක් විදියට රැකියාව කරන විමුක්ති Animal Hospital එකක් දාන්න බලාපොරොත්තුවෙන් ළඟදීම ලංකාවට එනවා කියල බණ්ඩාරනායක පාර්ශවයේ ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුණා. මේ විදියට විමුක්තිව දේශපාලනයට ගේන්න කියලා ගොඩක් දෙනෙක් request කළාට මොකද CBK මේකට ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් දක්වල නෑ. CBK POlitics කරන කාලේ VBK වගේම යශෝදරා කුමාරතුංගත් Politics වලට කැමති වෙලා නෑ. අළුයට තියන ගිනි වගේ CBK Politics කරනවට VBK යි, යශෝදරයි අකමැතිවෙන්න හේතු ගොඩකුත් තිබුණලු. විශේෂයෙන් තමන්ගේ තාත්තා විජේ කුමාරතුංගව VBK ගෙයි යශෝදරගෙයි ඇස් ඉදිරිපිටම ඝාතනය කරපු එක වගේම SWRD බණ්ඩාරනායකවත් වෙඩි තියලා ඝාතනය කළා.

මේ දේවල් ඇස් ඉදිරිපිටම වුණ නිසා VBK ටයි එයාගේ අක්කටයි politics එපාවෙලාලු තිබ්බේ. ලංකාවේ politics අප්පිරිය හින්දා ලංකාව පැත්ත පළාතෙවත් එන්නේ නැතුව VBK යි අක්කයි දෙන්නම එංගලන්තෙට වෙලා හිටියා. කොහොමටත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය දේශපාඥයෙක් වගේම නළුවෙකුත් වුණ විජේකුමාරතුංග මහතාගේ කපාපු පළුව වගේ ඉන්න VBK තාත්තාගේ politics ඒ විදියටම ක්‍රියාවට නංවයි කියලා VBK ව politics වලට ගේන්න හදන අය විශ්වාස කරනවා. විජේකුමාරතුංග කියන්නේ ලංකාවේ ජනප්‍රිය දේශපාලන icon එකක් හින්දා VBK politics වලට ආවොත් එයත් ඒ වගේ වෙන්න පුළුවන්.

VBK මේ සම්බන්ධයෙන් කැමැත්තක් පෙන්නලා නැති වුණත් අකමැත්තක් පෙන්වෙන්නේ නැති බවයි ඒ පැත්තෙන් දැනගන්න ලැබුණු ආරංචිවලින් කියවෙන්නේ.

මේ අයගේ දැඩි ඉල්ලීම හින්දම CBK ත් දැන් ටික ටික මේ යෝජනාවට කැමති වෙන line එකක්ලු තියෙන්නේ කියල ඇපල් අපිට දැනගන්න ලැබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: